ස්පාඤ්ඤයේ විශාල ගින්නකින් 04ක් මරුට

76

ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ පිහිටි ඒකාබද්ධ නිවාස සංකීර්ණ ගොඩනැගිලි දෙකක ඊයේ (23දා) පැතිර ගිය විශාල ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 04 දෙනකු මිය ගොස් තවත් 15 දෙනකු පමණ තුවාල ලබා තිබිණි. මෙම ගින්නට මැදි වූ 9ත් 15ත් අතර පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ගින්න මහල් 14කින් යුත් කැම්පනර් ජනාවාසයේ පිහිටි ගොඩනැගිල්ලක හටගෙන අනතුරුව එයට අනුබද්ධ අනෙක් ගොඩනැගිල්ල වෙත පැතිර ගොස් තිබේ. මහල් නිවාස 138කින් යුත් නිවාස සංකීර්ණ ගොඩනැගිලි දෙකක පැතිර ගොස් ඇති මෙම ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන හමුදා භටයන් 20 කට අධික පිරිසක් ඊයේ සවස උත්සාහ දරමින් සිටි බව වාර්තා විය.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment