යාපනයේ ළමා ගැබිනියන් 119ක් දරුවන් 91ක් බිහි කරලා

683

බරපතල ප්‍රශ්නයක් – යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යාපනික කාර්යාංශය

2023 වසර තුළ යාපනයේ වයස අවුරුදු 18ට අඩු දැරියන් 91 දෙනෙකු දරුවන් බිහිකොට ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යාපන කාර්යාංශයේ තොරතුරුවල සඳහන් වේ.

එම වසර තුළ යාපනය ශික්ෂණ රෝහලේ මාතෘ සායන සඳහා ළමා ගැබිනියන් 119 දෙනෙකු පැමිණි බවට තොරතුරු සටහන්ව ඇතත් ඉන් 91 දෙනෙකු පමණක් යාපනය ශික්ෂණ රෝහලේදී දරුවන් බිහිකොට අති බවද එම තොරතුරුවල සඳහන් වෙයි.

ඉතිරි ළමා ගැබිනි මව්වරු උතුරේ හෝ වෙනත් ප්‍රදේශයක රෝහල්වලදී දරුවන් බිහි කරන්නට ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යාපනික කාර්යාංශය විශ්වාස කරයි.

කෙසේ වෙතත් එම කාර්යංශයේ නිලධාරීන් සඳහන් කරන්නේ යුද්ධය හමාර වී සාමය උදා වීමෙන් පසුව උතුරු පළාත තුළ ළමා ගැබිණියන්ගේ සංඛ්‍යාව වසරින් වසර ඉහළ යන තත්ත්වයක් සංඛ්‍යා ලේඛන වලට අනුව පෙනී යන බවයි.

පාසල් යායුතු වයසේ දැරියන් ඉතා අඩු වයස්වලදී ඇතිකර ගන්නා ප්‍රේම සබඳතා නිසා ඔවුන් අධ්‍යාපනය කඩා කප්පල් කර ගනිමින් ඉතා අඩු වයස්වලදී විවාහ වීම ඉතා බරපතල ප්‍රශ්නයක් වී ඇතැයිද යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යාපනික කාර්යාංශය පෙන්වා දෙයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment