සතොස භාන්ඩ 04ක මිල පහළට

324


ලංකා සතොස විසින් ඊයේ (11) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් භාන්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව සම්බා රුපියල් 05කින්, සුදු කැකුළු (දේශීය) රුපියල් 16කින්, සුදු නාඩු (දේශීය) රුපියල් 07කින්, පාන් පිටි රුපියල් 05කින් මෙලෙස මිල පහළ දැමීමට තීරණය කර ඇති අතර ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 220කටද සුදු කැකුළු කිලෝවක් රුපියල් 189කටද සුදු නාඩු කිලෝවක් රුපියල් 198කටද, පාන් පිටි කිලෝවක් රුපියල් 240කට ලබාගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment