පාවහන් සහ සම් භාණ්ඩ ප්‍රදර්ශනයක් 3,4,5 දිනවල BMICH හිදී

260

පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව 13 වැනි වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ එකම පාවහන් සහ සම් භාණ්ඩ ප්‍රදර්ශනය 2023 පෙබරවාරි මස 3,4,5 යන දිනවල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

දිවයිනේ සියලුම ප්‍රමුඛ පෙළේ පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදකයන් සහභාගි වන මෙවර ප්‍රදර්ශන කුටි 150කින් සමන්විත වන අතර නවීන විලාසිතාවලට සරිලන පරිදි නිෂ්පාදනය කරන ලද අපනයන තත්ත්වයේ පාවහන්, සම් භාණ්ඩ මෙහිදී ඉතා පහසු මිලට ලබාගත හැකිවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment