ගෑස් මිල සංශෝධනයක් 5 වැනිදා

136

ගෑස් මිලේ සංශෝධනයක් කිරීමට අපේක්‍ෂා කරන බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය. මෙම සංශෝධනය ලබන 05 වැනිදා සිදුකිරීමට අදහස් කරගෙන සිටින බවත් එහිදී පවතින මිලෙහිම ගෑස් මිල පවත්වාගෙන යා හැකිද යන්න සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු කීය. ගිය මාසයේ ගෑස් මිල සංශෝධනය කිරීමේදී ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින්ද, ඊට සාපේක්‍ෂව අනිකුත් ගෑස් සිලින්ඩර්වල මිල සුළු ගණනින්ද වැඩිවීමක් සිදුකළ බවද ඔහු කීය. මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ ගොස් ඇති බව පැවසූ එම නිලධාරියා එය නොසලකා හැර මෙරට ගෑස් මිල ගණන් නොවෙනස්ව තබා ගැනීමට උත්සාහ කරන බව පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment