රනිල් බැසිල් හෙටත් හමුවෙති

275

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් හෙට (21 දා) සවස සිදුවේ.

මේ හමුව සඳහා ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මහතා වෙත ආරාධනා කර ඇත.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන් ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීමේ හැකියාව ගැන ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තා වන අතර ජනපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීම දේශපාලන වශයෙන් වාසිදායක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැමුන්ගේ මතය වී ඇති බව ද වාර්තා වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment