මිස්ටර් ශ්‍රී ලංකා ජයග්‍රහණ දෙකක් පොලිසියට

143

74 වන මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන ශූරතා තරඟාවලියේදී ශ්‍රී ලංකා පොලිස් කායවර්ධන සංගමය නියෝජනය කරමින් සහභාගී වූ පොලිස් කොස්තාපල් (90639) හසින්ත නිලධාරියා කිලෝ ග්‍රෑම් 85 බර පන්තිය යටතේ දෙවැනි ස්ථානය සහ පොලිස් කොස්තාපල් රියදුරු (80781) අමරසිංහ නිලධාරියා කිලෝ ග්‍රෑම් 60 බර පන්තිය යටතේ එහි තෙවැනි ස්ථානය ද ජයග්‍රහණය කළේය.

පසුගිය 26 වැනි දින මරදාන ටවර් රඟහලේදී මෙම තරඟාවලිය පැවැත්විණි.

ශ්‍රී ලංකා පොලිස් කායවර්ධන සංගමයෙහි සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ මහතා කටයුතු කරන අතර එම සංගමයේ ලේකම් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. ජී. හේමාල් ප්‍රශාන්ත මහතා කටයුතු කරනු ලබයි. උප පොලිස් පරීක්ෂක කේ. බී. එන්. කොඩිතුවක්කු මහතා මෙම සංගමයේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර නිරන්ජන් කුමාර මහතා සංගමයේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment