තිත්තවැල් මංකඩ බස් අනතුරින් 12 දෙනෙක් රෝහලේ – දෙදෙනෙකුට අසාධ්‍යයි

372

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දංඕවිට තිත්තවැල් මංකඩ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ඇඟලු‍ම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ තවත් බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මගීන් 12 දෙනෙකු රෝහල් ගත කළ බවත් ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතළ බවත් දංඕවිට පොලීසිය පවසයි.

වැලිමඩ සිට කොළඹ දෙසට ධාවනය කළ පෞද්ගලික බස් රථය ඊයේ අළුයම 4.50ට පමණ දංඕවිට තිත්තවැල් මංකඩ ප්‍රදේශයේ දී තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ඇඟලු‍ම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් වරකාපොල දෙසට ගමන් කළ බස් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබිණ. අනතුරින් තුවාල ලැබූවන් වරකාපොල හා වතුපිටිවල රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර ඉන් අසාධ්‍ය තත්වයේ තත්ත්වයේ පසුවූ දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මූලික රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ දංඕවිට පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී වීරවර්ධන මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
කෑගල්ල එම්.බී.පහළවත්ත සහ වරකාපොල සරත් ආනන්ද

advertistmentadvertistment
advertistmentadvertistment