සජබය හදිසියේ රැස්වේ

172

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හදිසි රැස්වීමක් අද (16) පැවැත්වීමට නියමිතව ඇත.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම අද පස්වරු හතරට පැවැත්වීමට නියමිත බව එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකායකු තහවුරු කළේය.

එහිදී පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන පී. හැරිසන් මහතා ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව මෙන්ම තවත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතව බව ඉහත සාමාජිකායකයා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment