ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වන NSBM හරිත සරසවියේ උපාධි පාඨමාලාවන්ගේ 2024 වර්ෂය සඳහා බඳවා ගත් ප්‍රථම අධ්‍යයන කණ්ඩායම පිළිගැනීමට සහ ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භය නිල වශයෙන් සනිටුහන් කිරීමට සංවිධානය කරන ලද සමාරම්භක උත්සවය ඉකුත්දා හෝමාගම පිටිපන NSBM හරිත සරසවියේදී පැවැත්විණි.

NSBM හරිත සරසවියේ 2024 නව උපාධි කණ්ඩායමේ අධ්‍යයන කටයුතු ඇරඹේ

උත්සවශ්‍රීයෙන් සංවිධානය කර තිබූ එම උත්සව අවස්ථාව සඳහා NSBM හරිත සරසවියේ උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතා ඇතුළු NSBM කාර්ය මණ්ඩලය, සම්භාවනීය අමුත්තන් මෙන්ම NSBMහි 2024 මාර්තු අධ්‍යයන කණ්ඩායමට ලියාපදිංචි වූ උපාධි අපේක්ෂකයින් සහ ඔවුන්ගේ දෙමාපියන්ද සහභාගී විය.

2024 මාර්තු අධ්‍යයන කණ්ඩායමේ උපාධි සමාරම්භක උත්සවය NSBMහි සාර්ථකත්වයේ ගමන්මග තුළ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙම නව කණ්ඩායමට NSBM හරිත සරසවියේ ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු, විද්‍යා සහ නීති පීඨ මඟින් පිරිනමනු ලබන උපාධි හා උපාධි පදනම් වැඩසටහන් සඳහා ලියාපදිංචි වූ සිසුන් 1500 කට අධික පිරිසක් ඇතුලත් වේ.

ප්‍රධාන සැසි තුනක් යටතේ දිගහැරුණ මෙම සමාරම්භක උත්සවයේ සෑම සැසියක්ම සම්භාවනීය ආරාධිත අමුත්තෙක්ගේ සහභාගිත්වයෙන් වර්ණවත් විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, සන්තෝෂ් ජා මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති කීර්ති ගුණවර්ධන මහතා ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඉකුත් ජනවාරි මාසයේ උසස් පෙළ විභාගය අවසන් වීමත් සමඟ NSBMහි මාර්තු කණ්ඩායම සඳහා නව සිසුන් ලියාපදිංචිය ආරම්භ කළේය. රටේ පැවති තත්වය අනුව උසස් පෙළ විභාගය පැවැත්වීමේදී සහ ප්‍රතිඵල නිකුත් කිරීමේදී සිදුවූ ප්‍රමාදයන් සැලකිල්ලට ගනිමින් NSBM හරිත සරසවිය මෙම නව කණ්ඩායම සඳහා සිසුන් ලියාපදිංචිය ඉතා කෙටි කාලයකින් අවසන් කර අධ්‍යයන කටයුතු ඉතා ඉක්මනින්ම ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

NSBM හරිත සරසවියේ 2024 නව උපාධි කණ්ඩායමේ අධ්‍යයන කටයුතු ඇරඹේ

NSBM හරිත සරසවියේ මෙම නව කණ්ඩායම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (ඹඨක්‍) අනුමැතිය ඇතිව දේශීයව පිරිනමන උපාධි සහ ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති විදෙස් විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ උපාධි 60කට අධික ප්‍රමාණයක් පිරිනමයි. NSBMහි සෑම උපාධි පාඨමාලාවක්ම උපාධිධාරීන්ගේ වෘත්තීය සූදානම සහ ඔවුන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් නිරන්තරයෙන් යාවත්කාලීන වන විෂය මාලාවන්ගෙන් සමන්විත වේ. මෙම උපාධි පාඨමාලා ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ මනා සුදුසුකම් වලින් අනූන දේශීය මෙන්ම විදේශීය ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙහෙයවනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment