කටුනායකට ආ ගුවන් යානා දෙකකට වෙච්චදේ

656


කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීම සදහා පැමිණි ගුවන් යානා දෙකක් අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන්තොටුපොළ වෙත යොමු කර තිබේ.

ඊයේ රාත්‍රියේ කටුනායක ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇදහැලී ඇති අතර එම නිසා මෙම පියවර ගෙන ඇති බවය.

පළමු ගුවන් යානය 297 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය 15 දෙනෙකු සමග ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට පැමිණ ඇති අතර එම යානය ඊයේ රාත්‍රී 11.35 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ එම ගුවන් යානය තුළ සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය මේ වනවිට බස් රථ මගින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇති බවය.

ඊට අමතරව මාලදිවයින මාලේ සිට පැමිණි ගුවන් යානයක් ද අලුයම 12.02 ට පමණ මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment