ශ්‍රී ලංකාව සමග ගිවිසුම් ගසා අඩ සියවසක් ගියත් ඉන්දියාව වගකීම් ඉටු කර නෑ

348

මදුරාසි මහාධිකරණය ඉන්දීය රජයට දෙහි කපයි

ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා සිරිමාවෝ -ශාස්ත්‍රී සහ සිරිමා-ගාන්ධි ගිවිසුම් අත්සන් කර අඩ සියවසකට වඩා කාලයක් ගතවී ඇතත් ඉන්දීය රජය තවමත් සිය වගකීම් ඉටු කිරීමට අපොහොසත් වී ඇතැයි මදුරාසි මහාධිකරණය ප්‍රකාශ කර ඇත.

ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රාජ්‍යය එක්ව 1964 දී සිරිමාවෝ – ශාස්ත්‍රී ගිවිසුම සහ 1974 දී සිරිමා – ගාන්ධි ගිවිසුම අත්සන් කර තිබේ.

“ඉන්දීය සම්භවයක් ඇති දෙමළ වැසියන් ලක්ෂ හයකට නොඅඩු පිරිසක් නැවත ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගෙන්වා ගැනීමට සහ පුරවැසිභාවය ලබාදීමට ඉන්දියාව බැඳී සිටිය ද, අද වන විට පුරවැසිභාවය ලබා දී ඇත්තේ 4,61,639 පමණක් බව විනිසුරු ජී. ආර්. ස්වාමිනාදන් පවසා තිබේ.

ඉන්දීය පුරවැසිභාවය ඉල්ලා ටී.ගනේෂන් විසින් ගොනු කරන ලද පෙත්සමක් සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරමින් විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන අතර මෙහිදී ගනේෂන්ට ඉන්දීය පුරවැසිභාවය පිරිනැමීමට ද නියෝග කර තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment