අවුරුදු 85 ක් වයස ව්‍යාපාරිකයෙක් මිලියන 700 ක් බදු ගෙවද්දී රටේ ඉහළම ව්‍යාපාරිකයකු බදු ගෙවා ඇත්තේ මිලියන 250 යි

3567

ආශු මාරසිංහ

මේ රටේ වැඩියෙන්ම රජයට බදු ගෙවන අවුරුදු 85 ක් වයසැති ව්‍යාපාරිකයකු රුපියල් මිලියන 700 ක් බදු ගෙවන විට රටේ ඉහළම ව්‍යාපාරිකයකු රජයට බදු ගෙවා ඇත්තේ රුපියල් මිලියන 250 ක් වැනි ප්‍රමාණයක් යැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශු මාරසිංහ මහතා පැවැසීය.

2023 ඔක්තෝබර් මාසය වෙද්දී අපේ ජනගහනයෙන් දෙලක්‍ෂ තිස්පන්දහසක් බදු ගෙවිය යුතු බවට ලියාපදිංචි වී තිබෙන බවද සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පසුගිය 01 දා පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවැසීය.

රජයේ සේවකයන් ලක්‍ෂ 13 ක් අතර රුපියල් ලක්‍ෂයකට වඩා වැටුප් ගන්න අය ඉන්නේ විසිපන්දහසයි. දොළොස් ලක්‍ෂ හැත්තැපන්දහසක් විතර රජයේ සේවකයො ඉන්නේ රුපියල් ලක්‍ෂයකට අඩුවෙන් වැටුප් ගන්නා අය යැයි ද මාරසිංහ මහතා කීය. පෞද්ගලික අංශයේ හත්ලක්‍ෂ හැටපන්දාහක්, එක්ලක්‍ෂයට වඩා වැටුප් ගන්නා අය ඉන්නා බවත් නමුත් මහපාරට ගොස් ඇතැමුන් පාවිච්චි කරන වාහන දෙස බැලීමේදී විශාල බදු ගෙවිය හැකි පිරිසක් බදු නොගෙවා සිටින බවට හැඟෙන බව ද ඔහු කීය.

රාජ්‍ය සේවකයන් 25,200 ක් රජයට බදු ගෙවන බවත්, පෞද්ගලික අංශයේ ලක්‍ෂ 08 කට ආසන්න ප්‍රමාණයක් රජයට බදු ගෙවන බවත් එහෙත් පෞද්ගලික අංශ සේවකයන් විරෝධතා දක්වනවා දැක නැති බවත් ඒ මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment