ව්‍යවස්ථාදායක සභාව සෙවීමට තේරීම් කාරක සභාවක් පත් කිරීම නීති විරෝධියි – ජී. එල්. පීරිස්

58

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම නීති විරෝධී බව නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (27 දා) පැවසීය.

ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව අතර උග්‍ර මත ගැටුමක් ඇති බව නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (27 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසීය.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කළ ව්‍යවස්ථාදායක සභාවට කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොවිය යුතු බවත් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී පෙනී යන්නේ ඒකාධිපති පාලනයක පෙරනිමිති දිස්වන බවත්, ජී. එල්. පීරිස් මහතා කීය. ජනතාව තුන්වේල කන්න නැතිව සිටියදී ආණ්ඩුවට වගේ වගක් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment