නියමුවා අසනීප වීමෙන් මගියෙකු ගුවන් යානය ගොඩ බස්වයි

1072

පියාසර කරමින් තිබූ ගුවන් යානයක ගුවන් නියමුවා හදිසියේ අසනීපවීම හේතුවෙන් ගුවන් යානයේ ගමන් ගත් මගියෙකු අදාළ ගුවන් යානය මෙහෙයවමින් ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ආරක්ෂිතව ගොඩ බස්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉකුත් අඟහරුවාදා මෙම සිදුවීම සිදුව ඇති අතර අදාළ ගුවන් මගියා ගුවන් ගමන් පාලක මැදිරිය අමතමින් පවසා ඇත්තේ තමා සිටින ගුවන් යානයේ නියමුවා අසනීප තත්ත්වයෙන් සිටින බවත් මේ නිසා ගුවන් යානය මෙහෙයවීමට කිසිවකු නොමැති බවයි. තමා ගුවන් යානය පැදවීමට නොදන්නා අයෙකු බව අදාළ ගුවන් මගියා පවසා තිබීම නිසා ගුවන් පාලක මැදිරියේ නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ මගියා එම ගුවන් යානය මෙහෙයවමින් නිරුපද්‍රිතව එය ගොඩබස්වා ඇති බව වාර්තා වී තිබේ. ගුවන් නියමුවා අසනීප වන විටද ගුවන් යානය තිබී ඇත්තේ පොළොවෙන් අඩි 9000ක් උඩින් පියාසර කරමිනි. අදාළ ගුවන් මගියාගේ නම හා ගුවන් යානයේ තොරතුරු ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර ගුවන් යානය මෙහෙයවූ මගියා සිය ගැබිනි බිරිය බැලීම සඳහා නිවෙස වෙත ගුවන් යානයේ ගමන් කරමින් සිටි අයෙකු බව හෙළි වී තිබේ.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment