ගෘහ සේවයට රට ගිය කතගේ බාලවයස්කාර දියණියට අතවර කළ තරුණයා දැලේ

938

විදේශ ගෘහ සේවයේ නියුතු කාන්තාවකගේ 16 හැවිරිදි බාලවයස්කාර දැරියක සිය මිත්තනියගේ නිවසේ තනිව සිටියදී අතවරයක් සිදු කිරීම පිළිබඳ සැකපිට ඇයගේ පෙම්වතා බව පවසන තරුණයකු පෙරේදා (07 දා) අත්අඩංගුවට ගන්නා ලදැයි මින්නේරිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකි. මෙම අතවර සිද්ධිය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ සිදුවී ඇති අතර පෙම්වතා ඇයව විවාහ කරගන්නා බවට පොරොන්දු දුන්නද එසේ නොකර දැරියව දිගින් දිගටම මඟහැරීම නිසා ඇය සිද්ධිය මිත්තනියට පැවසීමෙන් පසු ඇය ඒ පිළිබඳව මින්නේරිය පොලිසියට ඉකුත් 05දා පැමිණිලි කර තිබිණ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පොළොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණ.

මින්නේරිය මූලස්ථාන ප්‍ර.පො.ප. සුමනවීර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. සංජය සෝමරත්න, කා.පො.කො. සංජීවනී (7640) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මින්නේරිය – සුසිල් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment