කාන්තා වෙස්ගත් යාපනයේ හයේ කල්ලිය යකා නටති

414

කාන්තා ඇඳුම් පැළඳ වෙස් වලා ගනිමින් යතුරු පැදිවලින් පැමිණි හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් යාපනයේ කල්වියන්කාඩු ප්‍රදේශයේ නිවසකට පෙරේදා (15 දා) ප්‍රහාරයක් එල්ලකොට තිබේ.

මෙම ප්‍රහාරයෙන් නිවසට දැඩි අලාභහානි සිදුව ඇති අතර ප්‍රහාරයට පැමිණි පිරිස ආපසු යන අතරවාරයේ නිවසේ සාලයේ නවතා තිබූ යතුරුපැදි දෙකකටද සිසුවෙකුගේ පොත් බෑගයකටද ගිනි තබා ඇත. ඒවා මඳක් පිළිස්සී ගොස් ඇති අතර අවට පිරිස් පැමිණ ගින්න නිවා දමා තිබේ. සිසුවාගේ පොත් බෑගයට ගිනි තබා ඊට ගිනි ඇවිලීමෙන් පසුව ප්‍රහාරකයන් විසින්ම විනාශ කරන ලද ජනේලයකින් ඇතුළට එම ගිනිගත් පොත් බෑගය වීසි කිරීම නිසා ගින්න හටගෙන ඇති බව සී.සී.ටී.වී දර්ශනවලින් පොලිසියට සනාථ වී තිබේ. ප්‍රහාරයට පැමිණි පිරිස යතුරුපැදි තුනකින් පැමිණෙන ආකාරයද එම කැමරා දර්ශනවල ඇතුළත්ව තිබේ. කෝපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment