එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් රු. බිලියනයක් වන්දි ලැබුණා….!

337

අධිකරණ ඇමැති අලි සබ්රි

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් සමුද්‍රයට වූ හානිය සම්බන්ධයෙන් වන්දි මුදල් ලෙස රුපියල් බිලියනයක මුදලක් මේ වන විට ලැබී ඇතැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමේදී රජය මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කළ බවත් ලැබිය යුතු අනෙකුත් වන්දි මුදල්ද ලබා ගැනීම සඳහා තවදුරටත් කටයුතු සිදු කරමින් පවතින බවද ඇමැතිවරයා පවසයි.

ගිනි ගැනීමට ලක්වූ නැව නිරීක්‍ෂණය කිරීම සඳහා ඊයේ (18 දා) එම ස්ථානයට ගිය අධිකරණ ඇමැතිවරයා එහිදී මේ බව සඳහන් කර සිටියේය.

නැව ගිනි ගැනීම නිසා ඉවතට විසිරුණු භාණ්ඩ ඉවත් කර අවසන්වූ වහාම නැව අදාළ ස්ථානයෙන් ඉවතට ගෙන යෑම අදියර කිහිපයක් යටතේ සිදු කරන බවත් එය පරිසරයට හානිදායක නොවනාකාරයෙන් සිදු කිරීමට ඒ සඳහා ඉදිරිපත්ව ඇති සමාගම්වල නියෝජිතයන් සමග සාකච්ඡුා පැවැත්වූ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම නැවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි මුදල් ලබා ගැනීම ඉදිරි කටයුතු පිළිබඳ නීති උපදෙස් ලබා ගැනීම සඳහා ඔස්ටේ‍්‍රලියානු නීති සමාගමක් සමග කටයුතු කරමින් සිටින බවත් නැව ගිනි ගැනීමට ලක්වූ අවස්ථාවේ සිට මේ දක්වා සියලූ කටයුතු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සමග එක්ව කටයුතු කරමින් සිටින බවද අධිකරණ ඇමැති අලි සබ්රි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment