ඉපදෙන කොට පෙනෙන ඇහැ නොපෙනී යන ගමක්

601

උපතින් හොඳින් ඇස් පෙනෙන පුද්ගලයන් කාලයත් සමග පූර්ණ අන්ධභාවයට පත් වෙන අරුම පුදුම ගම්මානයක් ගැන ඔබ අසා තිබෙනවාද…? මෙක්සිකෝවේ “‍Tiltepec” ගම්මානයේ ජීවත්වෙන පුද්ගලයන් උපත ලබා යම් කාලයකදී අන්ධ බවට පත් වෙනවා. ඉතාම දුෂ්කර කලාපයක ජීවත් වෙන මෙම ගම්මානයේ නිවාස 70 ක් පමණ අති අතර ඒවා වෙනුවෙන් ආලෝකය ලැබෙනන්ට කවුළුවක් හෝ පිහිටුවා ගෙන නැහැ. බෝංචි, මිලට් වැනි ධාන්‍ය ආහාරයට ගන්නා ඔවුන් ගල් තලා මත නිදා ගැනීමට පුරුදුව සිටිනවා. මුල් කාලයේදී පුද්ගලයන් ක්‍රමයෙන් අන්ධභාවයට පත් වීමට හේතුව අසල වනාන්තරයේ ඇති lavjuella ශාකයේ යම් බලපෑමක් නිසා විය හැකි බවට අනුමාන කළා. නමුත් කාලයත් සමග මෙම ශාකයේ සහ පුද්ගලයන්ගේ අන්ධභාවය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බැව් පෙනී ගිය නිසා පර්යේෂකයන් විසින් ඔවුන්ගේ අධ්‍යනයන් තව දුරටත් පුළුල් කරනු ලැබුවා.

★ සතුන් පවා අන්ධයි…

ඉපදෙන කොට පෙනෙන ඇහැ නොපෙනී යන ගමක්

“අන්ධ ගම්මානය” යන නමින් දැන් හැඳින්වෙන මෙම‍ “Tiltepec” කලාපයේ මිනිසුන් පමණක් නොව කුරුල්ලන් සහ වෙනත් සතුන් පවා අන්ධ භාවයට පත් වෙනවා. මේ ගැන විද්‍යාඥයන් විසින් පවත්වන ලද විවිධ අධ්‍යනයන් මගින් මෙම ගම්මානයේ පුද්ගලයන්ගේ අන්ධභාවයට හේතුව හඳුනාගෙන තිබෙනවා.

මෙම ගම්මානයට යාබද පිහිටා ඇත්තේ ඝන වනාන්තරයක්. එම වනාන්තරයේ ගති පුරුදු පවත්වා ගෙන යන කළු මැස්සන්ගේ (Black Fly”. ) දෂ්ට කිරීම නිසා ගම්වැසියන් පමණක් නොව සතුන්ද ක්‍රමයෙන් පෙනීමේ දුබලතාවට පත් වී අවසානයේදී පූර්ණ අන්ධභාවයට පත් වෙන බැව් තහවුරු වුණා. මැස්සන්ගේ විෂ සහිත ජානය සම්ප්‍රේෂණය වීම නිසා ඇති වෙන මෙම තත්ත්වය පාලනය කර ගැනීම මෙක්සිකෝවේ බලධාරීන්ට වගේම විද්‍යාඥයන්ටත් පෙනී පහසුවක් නොවන බැව් දැන් පෙනී ගොස් තිබෙනවා.

ඊට හේතුව ලෙසින් ඔවුන් පෙන්වා දෙන්නේ විෂ සහිත කළු මැස්සන්ගේ ව්‍යාප්තිය ඉතා සීග්‍රයෙන් සිදු වෙන නිසා පැතිරීම පාලනය කිරීමට නොහැකි අතර “Tiltepec”ගගගම්මානයේ වැසියන්ට වෙනත් ප්‍රදේශයන්හි කාලගුණ සහ පරිසර තත්ත්වයන්ට අනුගත වීමත් පහසු නැහැ. කීප වතාවක්ම මෙම ගම්වැසියන් වෙනත් ප්‍රදේශයන්හි පදිංචි කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වුණා. එහෙත්… තවදුරටත් පුද්ගලයන් අන්ධභාවයට පත්වීමට ඉඩ දිය යුතු නැති බැව් තරයේ විශ්වාස කරන පාලන බලධාරීන් සහ පර්යේෂකයන් විසින් ඔවුන්ට ගැළපෙන භූගෝලීය කලාපයක් ගැන අවධානය යොමු කරමින් සිටිනවා. එවැනි හිතකර තත්ත්වයක් ඇති වුවනොත් අනාගතයේදී මෙම ගම්මානයේ වැසියන්ටත් තමන්ගේ දෙනෙත් ආරක්ෂා කර ගැනීමේ භාග්‍යය ලැබෙනු ඇති.

පුන්‍යා චාන්දනී ද සිල්වා
(newzwale.com)

advertistmentadvertistment
advertistmentadvertistment