වැස්ස නෑ – මාවුස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට

88

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

ඊයේ (27 දා) පෙ.ව. 06.00 වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිළිවෙළින් අඩි 31 ක් හා අඩි 26 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ. ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා බ්‍රෝඩ්ලන්ඩ් යන විදුලිබලාගාර 06 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි. මාවුස්සාකැලේ ජලාශයට යටව තිබූ පැරණි මස්කෙළිය නගරයේ ශ්‍රී කදිරේෂන් හින්දු කෝවිලේ හා ගල් පාලමේ නටබුන් මේ වනවිට යළි දිස්වන අයුරු හා කාසල්රී ජලාශයේ ජල මට්ටම පහත බැස ඇති අයුරු ඡායාරූපවලින් දැක්වේ.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment