අනේ! අනුරාධ එක වචනයක් හරි කතා කරන්නකෝ

79

මියගිය පොලිස් සැරයන්ගේ බිරිඳගේ විලාපයෙන් සැම නෙත් කඳුළින් තෙත් වෙයි

අනේ වචනයක්වත් කතා කරන්නකෝ අනුරාධ, කාටවත් කරදරයක් නැතිව ජීවත්වුණු ඔයාට මෙහෙම දෙයක් වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ දෙයියනේ යැයි කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී සිදුවූ මාරක රිය අනතුරින් මියගිය පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ ආදරණීය බිරිඳ, දේහය අසල හඬා වැළපෙමින් විලාප නඟන හඬ ඒ අසල සිටි පිරිසගේ හදවත මහත්සේ කම්පා කරවන සංවේදී දසුනක් විය.

අනේ! අනුරාධ එක වචනයක් හරි කතා කරන්නකෝ

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (27 දා) සවස සිදුකිරීමට මොහොතකට උඩදී එම සංවේදී දසුන අනුරාධ මහතාගේ දේහය තැන්පත් කර තිබූ මහනුවර මරවනාගොඩ ප්‍රදේශයේ නිවසේදී දැකගත හැකි විය.

අනුරාධ මහතාගේ ආදරණීය දරුවන් සිය පියාගේ මුහුණ ඉඹිමින් අතපත ගාමින් හඬා වැළපෙන ආකාරය ද පැමිණ සිටි පිරිසගේ නෙතට කඳුළක් උනන සංවේදී දසුනක් විය.

එම නිවසට පැමිණි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනුරාධ මහතාගේ බිරිඳට මෙසේ පැවසීය.

අනේ! අනුරාධ එක වචනයක් හරි කතා කරන්නකෝ

‘මෙතුමා විශ්‍රාම ලබන දිනය දක්වාම වැටුප් ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කළ හැකි උපකාර කරන්න බලාපොරොත්තු වෙනවා. මියගිය අනුරාධ හොඳ අවංක නිලධාරියෙක්. ඇත්තටම ඔහුට වෙච්ච මේ විපත ගැන කනගාටු වෙනවා.

පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (27 දා) පස්වරුවේ පොලිස් ගෞරව ආචාර මධ්‍යයේ මහනුවර, මරවනාගොඩ පොදු සුසාන භූමියේදී විශාල පිරිසකගේ දැඩි ශෝකාලාපයන් මධ්‍යයේ සිදු කෙරිණි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස වසර ගණනාවක් කටයුතු කළ ජයකොඩි මහතා අමාත්‍යවරයා සමග සුඛෝපභෝගී ජීප් රථයෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියදී සිදුවූ මාරක රිය අනතුරින් ජීවිතක්‍ෂයට පත්විය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ගුන්නෑපාන-ජානක සම්පත් බණ්ඩාර-කල්එළිය – චන්‍ද්‍රසිරි වික්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment