සේරුනුවර අනතුරකින් 9කට තුවාල

59

සේරුනුවර තංගනගර් ප්‍රදේශයේ දී ලොරි රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා මූතූර් රෝහලට ඇතුළත් කළ බව මූතූර් පොලීසිය කියයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු ත්‍රිකුණාමලය, මඩකලපුව, මහනුවර රෝහල් කරා යැවූ බවත් අනෙක් පිරිස මූතූර් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සේරුනුවර පොලිස් ස්ථානාධිපති ඩන්කන් ගුණවර්ධන මහතා පැවසීය.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් 4 ක්, පිරිමි පුද්ගලයින් 4 ක් හා වයස අවුරුදු 14 ක දරුවෙකු ද වේ.

න්තලේ ඩබ්.එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment