පොහොට්ටුවේ 6ක් ස්වාධීන කණ්ඩායමක් ලෙස සජබ හා සන්ධානගත වෙති

408

පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ කණ්ඩායමක් අද(14දා) විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය සමග සන්ධානගත වූහ. ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජෝන් සෙනෙවිරත්න, ජයරත්න හේරත්, පියංකර ජයරත්න යන මන්ත්‍රී කණ්ඩායම එලෙස සමගි ජන බලවේගය සමඟ එක්වූහ.

පොහොට්ටුවේ 6ක් ස්වාධීන කණ්ඩායමක් ලෙස සජබ හා සන්ධානගත වෙති

රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට මෙලෙස එක්වීම පිළිබඳව සිය කෘතවේදීත්වය පිරිනමන බවත් ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව සාමූහිකව කටයුතු කිරීමට මේ එකමුතුව අතිශයින්ම වැදගත් බවත් විපක්‍ෂ නායකවරයා එහිදී පැවැසීය.

“සෑහෙන කලක් කරන ලද සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එක්වූ බවත්, ඉදිරියේදී ප්‍රබල බලවේගයක් ලෙස සමගි ජනසන්ධානය ගොඩනගන්නට දායකත්වය ලබාදෙන බවත් එහිදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment