විදේශීය රටකින් ගෙනා බුදුරුව කොටන ලද කොණ්ඩ කපන මැෂින් 20ක් දැලේ

30

විදේශීය රටකින් මෙරටට ආනයනය කරන ලද බුදු දහමට නිගා දෙන අන්දමින් සකස් කොට තිබූ බුදුරුව කෙටූ කොණ්ඩා කපන මැෂින් යන්ත්‍ර 20ක් ජාඇළ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් බව ජාඇළ පොලිසිය පවසයි.

බුදු දහමට අගෞරව වන අන්දමින් සකසා රිදී පාටින් සහ කළු පාටින් වර්ණ ගන්වා තිබුණු මෙම කොණ්ඩා කපන මැෂින් යන්ත්‍ර ගැනුම්කරුවකුට අලෙවි කිරීමේ අදහසින් ගමන් මල්ලක අසුරා ගෙන අදාළ ස්ථානයේ රැඳී සිටිය දී සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 35 හැවිරිදි වියේ පසුවන තැපැල් පෙට්ටිය පාර, නැදගම, කොටුගොඩ යන ලිපිනයේ පදිංචි අයෙකු බව පොලිසිය සඳහන් කරයි. ජාඇළ පොලිස් විශේෂ කාර්යාංශ උප ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩා (93435) සහ සංජීව (82109) යන නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව ජාඇළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ උපදෙස් මත ජාඇළ පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් (54740) ගෝපාල් (8069) ඇන්තනී, පොලිස් කොස්තාපල්වරුන් වන (31972) වික්‍රමසිංහ, (85177) සමරකෝන්, (93435) බණ්ඩාර සහ (82109) සංජීව යන නිලධාරීන් සැකකරු සහ භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බී.ටී. කොටින්කඩුව – ජාඇළ අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment