රංජිත් මද්දුමබණ්ඩාර මට බැල්ලි කිව්වා: මේක වාචික ලිංගික හිංසනයක් – ඩයනා මැතිසබයේදී කියයි

124

අසභ්‍ය වචන කියන මන්ත්‍රීලා මගෙන් කම්මුල් පහරක් කනවා

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් තමන්ට බැල්ලි යැයි කියමින් අසභ්‍ය වචනවලින් බැණ වැදීම තමන්ට කරන ලද වාචික ලිංගික අතවරයක් යැයි සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (05දා) ප්‍රකාශ කළාය.

එම කතාව මගින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩ වූ බවත් එබැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට රංජිත් මද්දුම බණ්ඩාර මහතා විනය කමිටුව හමුවට කැඳවන්නැයි ද ඇය ඉල්ලා සිටියාය. කාන්තාවන්ගේ ගෞරවය ගැන නොසිතා පාර්ලිමේන්තුවේ එලෙස අසභ්‍ය වචනවලින් කතා කරන මන්ත්‍රීවරුන්ට කෙදිනක හෝ තමාගෙන්ම කම්මුල් පහරක් කන්න සිදු වනු ඇතැයි ද ඇය සඳහන් කළාය. මන්ත්‍රීවරිය මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු කියද්දී විපක්ෂයේ සජබ මන්ත්‍රීවරු දැඩි විරෝධය පළ කළහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment