රුවන් හදක් ඇති රුවන්වැල්ල පොලිසිය

108

බොහෝ පොලිසිවලට ගිය විට අපට අත්විඳින්නට සිදුවන්නේ අමිහිරි අත්දැකීම්වලටය. නැතහොත් නිල බලයෙන් උඩඟු වූ නිලධාරීන්ගේ රැවුම් ගෙරවුම්වලටය.

මීට හාත්පසින්ම වෙනස් වූ පොලිසියක් අප අත්දැක්කේ රුවන්වැල්ල පොලිසියෙනි. එහි පැමිණිලි අංශයේ නිලධාරීන්, ඔවුන් ළඟට එන සේවාලාභීන්ට සලකන්නේ ඉතා කාරුණිකවය. එමෙන්ම ඔවුන්ගේ පැමිණිලි සහ දුක්ගැනවිලිවලට සාවධානව කන්දී යථාර්ථය කියා දී ඉතාම ඉක්මණින් ප්‍රශ්නය විසඳාලීමට උනන්දු වෙයි.

විවිධ පැමිණිලි අංශයේ පැමිණිලි ලියා ගන්නා රෝහිත මහතාත්, ඒ වගේම එහි ස්ථානාධිපති සෙනරත් බණ්ඩාර මහතාත් ගැටුම්වලට භාජනය වී නැතහොත් නොහොඳ නෝක්කාඩු වී පැමිණෙන දෙගොල්ලන්ගේම ප්‍රශ්නවලට ඇහුම්කන්දී ප්‍රශ්න විසඳන ආකාරය ප්‍රශංසනීය ය.

පොලිසිය පිළිබඳ නිතර අවලාද නඟන සමාජයට මෙන්ම දිවයිනේ අනෙකුත් පොලිස් ස්ථානවලටත් රුවන්වැල්ල පොලිසිය කදිම උදාහරණයකි.

ටී. දිසානායක

advertistmentadvertistment
advertistmentadvertistment