පාස්කු ප‍්‍රහාරයේ සියලූම වෙළුම් පාර්ලිමේන්තුවට

90

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලූම වෙළුම් පාර්ලිමේන්තුවට භාරදී තිබේ.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88 කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ඊයේ (22 දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී භාරදෙනු ලැබීය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව 2021 අපේ‍්‍රල් 08 වන දින පාර්ලිමේන්තුවට භාරදුන් අතර නීතිමය හේතුන් මත මෙතෙක් ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරිණි.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් වැඩිදුර පරිශිලනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අදාළ ලිපි ගොනු පාර්ලිමේන්තුවට භාරදීම සිදු විය.

advertistmentadvertistment
advertistmentadvertistment