අනියම් බිරිඳගේ 14 හැවිරිදි දියණිය දූෂණය කළ විත්තිකරු අවුරුදු 18ක් මහ උළු ගෙදරට

891

තම අනියම් බිරිඳගේ 14 හැවිරිදි බාල වයස්කාර දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරුවූ විත්තිකරුවෙකුට ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය බරපතළ වැඩ සහිත වසර 18 සිර දඬුවම් සහ රුපියල් පන් දහසක දඩයක්ද වින්දිත දැරියට රුපියල් පන් ලක්ෂයක වන්දියක් ගෙවීමටද නියම කළාය.

දඩ නොගෙවන්නේ නම් තවත් මාස තුනක ලිහිල් වැඩ සහිත සිර දඬුවම්ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස දොළහක සිර දඬුවම්ද විත්තිකරුට නියම විය.

මෙසේ දඬුවම් නියම වුයේ ගමේ කංකානම්ගේ ඉන්දික නිලංග වීරසිරි නමැති 45 හැවිරිදි විත්තිකරුවෙකුටය. යක්කලමුල්ල පොලිස් වසමේ නාකියදෙණියේදී 2006.12.09 දින හෝ ආසන්න දිනයකදී තම අනියම් බිරිඳගේ 14 හැවිරිදි දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.

අහංගම සුගතපාල දියගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment