එස්.එස්.සී. වැස්ස අස්සේ අලි දිය කෙළියේ

737

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා (25 වැනිදා) එස්.එස්.සී. ක්‍රීඩාංගණයට පතිත වර්ෂාව හේතුවෙන් එම දිනයේ තරගය පවත්වන්නට හැකි වූයේ පන්දුවාර දහයක් පමණි.

වර්ෂාව ඇද හැලීම මත එස්.එස්.සී. පිටිය සම්පූර්ණයෙන් ආවරණය කිරීමට ක්‍රීඩාංගන බලධාරීන් කටයුතු කළ අතර එම ආවරණ රෙදි මත වැසි ජලය තැන්පත් වී අඟල් කීපයක් උඩට වතුර රැඳී තිබුණි.

ඒ අවස්ථාවේ පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලි ක්‍රීඩාගාරයේ සිට දිවගෙන විත් පිහිනුම් තටාකයකට පනින්නාක් මෙන් පැන ඒ දිගේ ඇදී ගියේය.

මෙම අවස්ථාවෙන් ප්‍රීතියට පත් පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෝ හසන් අලී ට අත්පොළසන් දෙමින් දිරිගන්වන අයුරු ද දක්නට ලැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment