මිහිදන් කළ සිඟිත්තාගේ මෘතදේහය රැගෙන ගිහින් – දැරියගේ පියාගෙන් පොලිසියට පැමිණිලි

367

වවුනියාව, රාසේන්ද්‍රකුලම් පොදු සුසාන භූමියේ මිහිදන්කොට තිබූ කුඩා දැරියකගේ මළ මිනියක් කිසියම් පිරිසක් විසින් එම මිනීවළ හාරා රැගෙන ගොස් ඇති බවට වවුනියාව නෙළුකුලම පොලිසියට ඉකුත් 7 දා දැරියගේ පියා විසින් පැමිණිලි කොට තිබේ.

2023 අගෝස්තු 25 වෙනිදා වවුනියාවේ පම්පමඩුව ප්‍රදේශයේ ළිඳකට වැටී ලිංගරාජා ඩීබිකා නමැති අවුරුදු එකයි මාස එකොළහක දැරියක් මියගිය අතර ඇගේ භූමදාන කටයුතු වවුනියාව රාසේන්ද්‍රකුලම් පොදු සුසාන භූමියේදී සිදු කොට තිබේ. පෙරේදා (7 වෙනිදා) දැරිය මිහිදන් කළ ස්ථානයේ උදැල්ලක් ඇති බවටත්, මිනීවළ හාරා ඇති බවටත් ගම්වාසීන් පිරිසක් දැරියගේ පියාට කළ දැණුම් දීමක් මත ඔහු එම ස්ථානයට ගොස් බලන විට දැරියගේ දේහය මිනී වළෙන් අතුරුදන් වී ඇති අයුරු දැක ගැනීමට හැකි වී තිබේ. වහාම ඔහු මේ පිළිබඳව නෙළුකුලම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය ගොස් මිනීවළ හෑරීමට යොදා ගත් උදැල්ල අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment