රණවිරුවන් එක්ව කරුවලගස්වැව රක්ෂිතයේ ගස් සිටුවයි

70

වනජීවී රැුකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙළවල් හා කැලෑ නැවත වන වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය ආමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ත‍්‍රිවිධ හමුදාව, රණවිරු අධිකාරිය සමග එක්ව පුත්තලම කරුවලගස්වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හෙක්ටයාර් 37ක භූමි භාගයක විවිධ පැළ 25930ක් රෝපණය කිරීමේ රාජ්‍ය උත්සවය ඉකුත් සැප්තැම්බර් මස 23 දා ඉපලෝගම රක්ෂිතයේදී පැවැත්විණි.

රණවිරුවන් එක්ව කරුවලගස්වැව රක්ෂිතයේ ගස් සිටුවයි

මෙහිදී ත‍්‍රිවිධ හමුදාවේ හා රණවිරු පවුල් ඒකාබද්ධව මෙම පැළ සිටුවීමට දායක කරගැනීම මෙහි ඇති විශේෂත්වයකි. යුද්ධය අවස්ථාවේ රට වෙනුවෙන් දිවි පිදූරණවිරු පවුල්වල දෙමාපියන්, බිරින්දෑවරුන් හා දරුවන්ට යම් ශක්තියක් ලබාදීම මෙහි තවත් අරමුණක් වී තිබිණි.

මෙම අවස්ථාවට රාජ්‍ය ආමාත්‍ය විමලවීර දිසානායක, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චින්තක අමල් මයාදුන්න, පුත්තලම දිස්ත‍්‍රික් ලේකම් ආර්. පී. විජේසිරි, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

රණවිරුවන් එක්ව කරුවලගස්වැව රක්ෂිතයේ ගස් සිටුවයි
advertistmentadvertistment
advertistmentadvertistment