ශ්‍රීලංකාව යුද අපරාධ කළ බව ජිනීවා සමුළුව තීරණය කරයි.

4821

ශ්‍රී ලංකාව වන්නි මෙහෙයුමේදී යුද අපරාධ කළ බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වසර 13කට පසු පිළිගෙන ඇත.මේ බව ඇමරිකානු විදේශ සබඳතා කමිටුවේ ප්‍රධානී බොබ් ටෙනීඩෙස් විසින් අනාවරණය කර තිබේ.ඇමරිකානු විදේශ සබඳතා ප්‍රධානියා තවදුරටත් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ පැවතියේ සිවිල් යුද්ධයක් බවයි. ශ්‍රී ලංකාවට එරෙහි එම යුද අපරාධ වාර්තාව ගැන කටයුතු කිරීමට එක්වන ලෙස ඔහු ඔස්ටේ්‍රලියාව, ජපානය, ඉන්දියාව යන රටවලින් ඉල්ලා ඇත. මෙම යුද අපරාධ පිළිබඳ වාර්තාව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත ලැබී ඇතැයි බොබ් ටෙනිඩෙස් තවදුරටත් හෙළිකර තිබේ.මෙලෙස ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට මානව හිමිකම් කවුන්සිලය පිළිගැනීම නිසා යුද අපරාධ චෝදනා එල්ලවූ හමුදා ප්‍රධානින් 58කට එරෙහිව විශ්ව අධිකරණ පද්ධතිය මත ක්‍රියාකළ හැකිවේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment