තාලිබාන් ත‍්‍රස්තයෝ රජයේ නිලධාරීන් සහ ආරක්‍ෂක නිලධාරීන් 100 කට වැඩි පිරිසක් ඝාතනය කරලා

348

කාබුල් නුවර තම පාලනයට ගැනීමෙන් පසු තාලිබාන් ත‍්‍රස්තයෝ කලින් පැවැති රජයේ නිලධාරීන් ආරක්‍ෂක හමුදා සාමාජිකයන් සහ ඇමෙරිකාව ප‍්‍රමුඛ ජාත්‍යන්තර හමුදා කණ්ඩායමේ සේවය කළ ඇෆ්ගන් ජාතිකයන් 100කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ඇත.

එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් මේ බව හෙළි වී තිබේ. මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස් මේ බව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට දැනුම් දී ඇත. ඝාතනයට ලක්වූවත් අතර වැඩි දෙනා අෂ්රෆ් ගානි රජයේ හිටපු නිලධාරින් වේ. පසුගිය අගෝස්තු 15 දායින් පසු මෙකී ඝාතන සිදු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment