පුතා ඝාතනය කර කට්ටි පනිමින් සිටි නරුම පියා පොලිස් දැලේ

735

කපා කොටා 30 හැවිරිදි තම පුතු ඝාතනය කර වගා ළිඳකට දමා සාක්ෂි වසන් කරමින් සිටි නරුම පියෙකු , දීර්ඝ විමර්ශනයකින් පසු නීතියේ රැහැනට පෙරේදා (24දා) සවස හසු කර ගත් බව කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 54 හැවිරිදි දිවුල්ලෑව, කුඩාපට්ටිය, කහටගස්දිගිලිය යන ලිපිනයේ පදිංචි උපුල් ප්‍රියන්ත නැමැති නරුම පියෙකි.

2022 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වැනි දින දිවුල්ලෑව, කුඩාපට්ටිය ප්‍රදේශයේ දී මෙම ඝාතනය ඝාතකයා විසින් සිදු කර තිබුණි. එම ප්‍රදේශයේ පැවැති බණ පිංකම් මාලාවකට සහභාගි වෙමින් අනතුරුව නිවසට පැමිණෙමින් සිටි මිය ගිය අමිල පියන්ත නැමති තරුණයා තම නරුම පියා විසින් කිහිප වතිවකම ඝාතනය කිරීමට උත්සහ දරා ඇති බව අපරාධ විමර්ශන කාර්යාංශයේ මූලික විමර්ශනවලින් හෙළිව ඇත. එම වෛරයට මූලික වී ඇත්තේ තම නැඟෙණිය මෙම නරුම පියා විසින් බලහත් කාරයෙන් අතවරයට ලක් කිරීම බලා සිටීමට නොහැකිව පියාට විරුද්ධව මෙම පුතා විසින් හඬක් නැඟීම හේතුවෙනි. ඒ වනවිටත් මෙම නරුම පියා තම දියණියත් කිහිප වතාවක්ම බලහත්කාරයෙන් අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු අණාවරණය වූ බව පොලිසිය කියයි.

2022 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වැනි දින මෙම ගම්මානයේ විහාරස්ථානයක බණ පිංකම් මාලාවක් පැවැත් වුණි. මෙම බණ පිංකම් මාලාව අවසන් වී අතුරු මාර්ගයෙන් නිවස කරා පැමිණි අමිල පියන්ත නැමැති තරුණයාගේ ගෙල සහ උදරය තියුණු ආයුධයකින් කිසියම් පුද්ගලයෙකු විසින් කපා කොටා ඝාතනය කර අසල පාළු වගා ළිඳකට දමා තිබියදී 2022.09.05 වැනි දින එම සිරුර පොලිසියට හමු වී ඇත. අනතුරුව සිදු කළ විමර්ශනවලින් නිසි තොරතුරක් අණාවරණය කර ගැනීමට නොහැකිව සාක්ෂි මියයමින් තිබූ මෙම අභිරහස් මරණයේ ඝාතකයා පිළිබඳ සෙවීමට කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි කැබිතිගොල්ලෑව කොටිඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පො.ප. බී.එස්. චන්ද්‍රසිරි මහතා ප්‍රමුඛ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. එම විමර්ශන අනුව මෙම ඝාතකයා මියගිය තරුණයාගේ සහ අපයෝජනයට ලක් වූ දියණියගේ පියා බවට තොරතුරු ආනාවරණය වී ඇත. අනතුරුව සැකකරු දිවුල්ලෑව, කුඩාපට්ටිය, කහටගස්දිගිලිය යන ලිපිනයේ පිහිටි නිවසේදීම පෙරේදා (24දා) සවස අත්අඩංගුවට ගෙන ඊයේ (25දා) දින කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (27 වැනි දින) නඩුව නැවැත කැඳවන දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කර ඇත.

මැදවච්චිය-ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment