ලියනගේමුල්ලේ දාහත් හැවිරිදි දැරියක් දින අටක සිට ආගිය අතක් නෑ

953

මීගමුව පොලිස් වසමේ සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 17 මාස 05 ක ගැහැනු දරුවෙක් දින 8 ක සිට අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අතුරුදන් වී සිටින දැරියගේ පියා විසින් මීගමුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන අරඹා තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ආරච්චිගේ ගයාත්‍රි දේව්ශානි සූරියසිංහ නමැති පාසල් සිසුවියකි.

දැරිය පසුගිය 17 වැනිදා සිට අතුරුදන්ව ඇති අතර ඇය සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි.

අතුරුදන්ව ඇති දැරියගේ ඡායාරූපය පළකර ඇති අතර ඇය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 0718591630 ට හෝ මීගමුව පොලිසියේ 031222227 යන දුරකථන අංකවලට දැනුම් දෙන්නැයි පොලිසියට මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment