හෙළකුරු සොයාගත්තේ නැත්නම් අදටත් චැට් කරන්න වෙන්නේ ඉංග්‍රීසියෙන්

549

තාක්ෂණය කියන දේ අපේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න තියෙන අපිට නැතිවම බැරි දෙයක් යැයි ස්මාර්ට් ජංගම දුරකථනයක ම ඇතුළත් හෙළකුරු නිර්මාතෘ ධනික පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ සෑම මසක ම තුන්වැනි සෙනසුරාදා සවස 5.00 ට ස්වදේශීය සේවය (එෆ්එම් 91.7, 91.9) තුළින් ප්‍රචාරය වන රුවනාර ළමා සමාජය පටිගත කිරීමේ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.

රුවනාර ළමා සමාජය වැඩසටහනට අවුරුදු 10ත් 17ත් අතර වයසේ පසුවන ඕනෑම දරුවකුට ගායනය, වාදනය හැකියාව ඇත්නම් සහභාගි විය හැකි ය.

මෙහි දී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කියා සිටියේ ය.

ඔබ මාව දන්නේ හෙළකුරු කියන නිර්මාණය සම්බන්ධයෙන්. මම මේ හෙළකුරු කියන දේ හොයා ගත්තෙ නැත්නම් අදටත් සිංහල වචන ඉංග්‍රීසියෙන් ටයිප් කරන්නේ. ඇත්තට ම තාක්‍ෂණය කියන දේ අවශ්‍ය වෙන්නේ ජීවිතේ ට. ඉස්සර කෙටි පණිවිඩයක් චැට් මැසේජ් එකක් යොමු කරන්න පුළුවන්කම තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. කැඩිච්ච සිංහලෙන් යමක් කියන්න කැඩිච්ච ඉංග්‍රීසි භාවිත කරලා තමයි ඉස්සර මේ කර්මාන්තය ඉෂ්ට කරගන්නේ.

ඔන්න ඔය ගැටලුවට තමයි හෙළකුරු නිර්මාණය ලෝකයට රටට එන්නේ. මේකට ඉංග්‍රීසි මාධ්‍ය භාවිත කරන්න අවශ්‍ය නැහැ. මවු භාෂාවෙන්ම ඒ පණිවිඩය දෙන්න අවශ්‍ය විදිහට ම තව කෙනකුට දීමේ හැකියාව තිබෙනවා. තාක්‍ෂණය භාවිත කිරීම තුළින් මිනිසුන්ගේ වැඩ කරගන්න පහසුවෙලා තියෙනවා.

රුවනාර ළමා සමාජයේ වාi වෘන්දය ලෙස මෙවර එක් වුණේ කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විදුහලේ සිසුවියන් ය. රුවනාර ළමා සමාජය වැඩසටහන ප්‍රියන්තනි ගමගේ යහම්පත් විසින් නිෂ්පාදනය කරනු ලැබීය. සංගීත අධ්‍යක්‍ෂණයෙන් දර්ශන රත්නායක ද ප්‍රභාත් ලක්ෂිත තාක්ෂණික හැඩවැඩ මවමින් ද ඩබ්. ඩී. සුනිල් මැදිරි සහායෙන් ද එක්වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment