උතුරේ කුල පීඩිත ජනතාවටවත් 13 හරහා සෙතක් නැහැ – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය

105

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම හරහා පොලිස් බලතල ලබාදීමෙන් උතුරේ කුල පීඩනය නිසා සමාජ ආර්ථික පසුබෑමට ලක්ව සිටින 65% ක් වන අහිංසක ජනතාවට කිසිදු සෙතක් නොවන බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අවධාරණය කරයි.

සමානාත්මතා පදනමින් සියලු ජනතාවට සැලකීම බෙදුම්වාදය පරාජය කිරීම හරහා වන විසඳුමක් වෙනුවට ‘බෙදුම්වාදී’ මර උගුලට තල්ලු කිරීම අපරාධයක් බව ද එම සංසදය නිකුත්කර ඇති ඒකාබද්ධ ප්‍රකාශයකින් සඳහන් කර තිබේ.

13 සංශෝධනය හරහා ෆෙඩරල් රාජ්‍යයකට රජිව් ගාන්ධි පොරොන්දු වූ බවත් නමුත් රටේ උද්ගත වූ ජනතා විරෝධය මත එහි කොන්දේසි හකුලා ගන්නට රජයට සිදු වූ බව ද එම සංසදය පවසයි.

රණවිරුවන් 30,000 ක් ජීවිත පූජා කර රැකගත්, ‘බෙදුම්වාදී’ ග්‍රහණයෙන් ගලවාගත් දේශය යළිත් පාවාදීම සිදුකළ හොත් එය සමාව දිය නොහැකි වරදකැයි ද එම සංසදය කියයි.

යසස් ධර්මදාස, නුවන් බැල්ලන්තුඩාව, සේනක රාජපක්‍ෂ (පෝලන්තය), ලලිත් ප්‍රේමලාල් (අයර්ලන්තය), රාජා ප්‍රනාන්දුපුල්ලේ (ස්වීඩනය), ප්‍රීමාල් ප්‍රනාන්දු (කිතුනු ප්‍රජාව), එරික් මාකේවිට (ස්විස්ටර්ලන්තය), ජගත් චන්ද්‍රවංශ (රුසියාව), ප්‍රසන්න ජයමාන්න (එක්සත් රාජධානිය), ජයරාජ් පලිහවඩන (එක්සත් රාජධානිය), සමන්ත වීර මන්ත්‍රී (එක්සත් අරාබි එමීර් රාජ්‍යය), චානක කුරේරා (කැනඩාව) මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබා තිබේ.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment