අදත් රස්නය වැඩියි

125

අද උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ දැඩි අව් රශ්මියෙන් වැළැකීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙයි.මේ දිනවල බොහෝ දිස්ත්‍රික්කවල වායුගෝලීය උෂ්ණත්ත්වය සෙල්සියස් අංශක 32ත් 36ත් අතර අගයක පවතී. නමුත් ඊට වැඩි උෂ්ණත්වයක් මිනිස් සිරුරට දැනෙනු ඇත.උණුසුම් දර්ශකය අනුව එලෙස සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක් ගනු ලබන අතර එය සැලකෙන්නේ අවධානය යොමු කළ යුතු තත්ත්වයක් ලෙසය.මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment