වැඩිහිටි කන්දේදී ලෙඩ වූ  සබරගමුව සරසවි සිසුවා මියයයි

783

කතරගම වැඩිහිටිකන්ද වැඳපුදා ගැනීමට පැමිණි  සබරගමුව විශ්ව විද්‍යාලයෙහි තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසකගෙන් එක් සිසුවකු වැඩිහිටි කන්ද උඩ මළුවේ දී හදිසියේ රෝගාතුර වී කතරගම රෝහලට රැුගෙන යන අතරතුර (25 වැනිදා* මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ උස්මුදුලාව, 55 කණුව අසල යන ලිපිනයෙහි පදිංචිව සිටි අරුමානන්ද සාලිත දිල්ෂාන් කුමාර නමැති විසි අට හැවිරිදි සිසුවෙකි.

මිය ගිය අය ඇතුළු සිසු සිසුවියන් 19 දෙනකු කතරගම පැමිණ වැඩිහිටිකන්ද වැඳපුදා ගැනීමට පාගමනින් කන්ද නගිමින් සිටියදී උඩමළුව ආසන්නයේ දී ඔහු අසනීප වී තිබේ. පසුව සෙසු පිරිස සමග ඔහු උඩ මළුවට ගොස් තිබේ. එහිදී ඔහුගේ රෝගි තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් උඩ මළුවේ සිට කැබ් රථයකින් පහළ ම`ඵවට රැුගෙන විත් තිබේ.

පසුව 1990 ගිලන් රථයකින් රැගෙන විත් කතරගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවෙහි ඔහු මියගොස් සිට ඇත.

කතරගම හදිසි මරණ පරීක්ෂක සමන් වික‍්‍රමගේ මහතාගේ නියෝග මත මිය ගිය සිසුවාගේ මළ සිරුර තිස්සමහාරාම රෝහලෙහි මෘත ශරීරාගාරයේ තබා තිබේ. හදිසි මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment