සජබ එනවාද නැද්ද තීරණය කථානායකගේ ප‍්‍රකාශය අනුවයි: එරාන් වික‍්‍රමරත්න

141

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදී සිදුකරන ප‍්‍රකාශය අනුව පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණෙන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, පත්කළ මන්ත‍්‍රී එරාන් වික‍්‍රමරත්න මහතා ‘දිවයින’ට ඊයේ (07දා) ප‍්‍රකාශ කළේය.

කථානායකවරයා සමග ඊයේ පස්වරුවේ සිය පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සාකච්ඡා කළ බවත් තමන් ඉදිරිපත් කළ කරුණුවලට කථානායකවරයා සාවධානව ඇහුම්කන් දුන් බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ඉරාන් වික‍්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේ කථානායකවරයා සමඟ ඊයේ පස්වරුවේ එම මන්ත‍්‍රී කණ්ඩායම සිදුකළ සාකච්ඡුාව සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පත්කළ මන්ත‍්‍රී එරාන් වික‍්‍රමරත්න මහතා

අද අපි කථානායකවරයා හමුවී ලිපියක් භාර දුන්නා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ඇති ගැටලූ හා මනූෂ නානායක්කාර මහතාගේ ගැටලූව සම්බන්ධයෙන්.

මෙම සිදුවීම පුළුල් ලෙස අවධානය යොමුකළ යුතු කරුණක්. අපේ පක්ෂයේ බහුතරයක් මෙම සිදුවීම නිසා පාර්ලිමේන්තුවට එන්න අකැමැත්ත පළකර තිබෙනවා. මන්ත‍්‍රීවරුන්ට ආරක්ෂාවක් නැහැ. විනයක් නැහැ. මෙම සිදුවීම ගැන සොයා බලන්න කමිටුවක් පත් කළත් එම වාර්තාව ඉක්මනින් ලැබෙන එකක් නැහැ. නමුත් කමිටුවක් පත් කරන්න කටයුතු කරනවා කියලා කථානායකතුමා කිව්වා.

ඒ වගේ කමිටු මීට පෙරත් පත්කර තිබෙනවා. නමුත් ඒවායේ වාර්තා ප‍්‍රමාද වුණා. කථානායකවරයා අපේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් කරුණු පිළිබඳව සලකා බලා පියවර ගන්නවානම් ඒ පිළිබඳව සලකා බැලිය යුතුයි. ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා. අපේ ප‍්‍රශ්නත් එතුමා තේරුම් ගත්තා. අප පාර්ලිමේන්තුවට හෙට එනවාද නැද්ද කියා අපි බලන්නේ කථානායකවරයා අද සිදුකරන ප‍්‍රකාශය අනුවයි. පාර්ලිමේන්තු වරප‍්‍රසාද හා බලය කියා පනතක් තිබෙනවා. 1953 දී ඉදිරිපත් කළ පනතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගොස් ගත හැකි පියවර එහි ස`දහන් වෙනවා. සමහර

ප‍්‍රශ්න පාර්ලිමේන්තුව තුළම විසඳිය හැකියි. එසේ නොහැකි ඒවාට පාර්ලිමේන්තුවට එහා ගොස් විසඳුමක් ගන්නවා. එහෙත් අපි එතැනට නොගොස් විසඳා ගැනීමට කටයුතු කළ යුතුයි යන මතය තුළ සිටිමින් කථානායකවරයාගේ ප‍්‍රකාශය අනුව මෙය විසඳා ගැනීම අපගේ අරමුණයි.

මෙම සාකච්ඡුාවට සමගි ජන බලවේගය වෙනුවෙන් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා, මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර, භාණ්ඩාගාරික එරාන් වික‍්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment