16 ශිෂ්‍යාව හෝටල් කාමරයට ගෙන ගිය ශිෂ්‍යයා අත්අඩංගුවට

1271

එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියකට නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර අපයෝජනයක් සිදුකළැයි එම පාසලේම ඉගෙනුම ලබන එකොළොස් වැනි වසරේ සිසුවකු තිස්සමහරාම පොලිසිය විසින් පෙරේදා (15 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට පත් සිසුවිය සමග සැකකාර සිසුවා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය සංචාරක හෝටලයක කාමරයකට ත්‍රිවිල් රථයකින් රැගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඇය විසින් තිස්සමහරාම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අතවරය තමන්ට සිදුකරනු ලැබුවේ 2022 වර්ෂයෙහි ජුනි මස දිනක බවට ඇය විසින් සිදුකරණු ලැබූ පැමිණිල්ලේ තවදුරටත් සඳහන් කර ඇත.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිසුවිය රෝහල් ගතකර ඇති අතර සැකකාර සිසුවා තිස්සමහරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමතය. තිස්සමහරාම සහකාර පොලිස් අධිකාරී ගයාන් ප්‍රසන්නගේ උපදෙස් මත තිස්සමහරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වයි. එම්. කුඩගොඩගේ මූලිකත්වයෙන් ළමා හා කාන්තා කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment