මගේ පැමිණිල්ල සීඅයිඩිය නැති කරලා-මිහින්තලා විහාරාධිපති

758


තමන් වහන්සේට සිදුකළ මරණීය තර්ජන සහ කප්පම් ඉල්ලීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල අස්ථානගත වී ඇති බවත්, ඒ පිටුපස ඇති හස්තයන් ක්‍රියාත්මක වන බවත්, ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පවසති.

මීට මාස කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඊයේ (31) දින එම දෙපාර්තමේන්තුවේන් සිදුකරන ලද විමසීමක දී එම ලිපි ගොනු අස්ථානගත වී ඇති බවට සිවිල් සංවිධාන කිහිපයක් විසින් අනාවරණය කරගත්බව නායක හිමියෝ කීහ.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද දේශපාලනීකරණය වෙමින් දේශපාලනයට ගොදුරු වී ඇති බවත්, එම හෙයින් මෙම දෙපාර්තමේන්තුව ද ජනාධිපති මන්දිරය , අරලියගහ මන්දිරයේ හෝ පාර්ලිමේන්තුව තුළම ස්ථාපිත කළ යුතු බව ද නායක හිමියෝ පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment