පිහි පහර කෑ කොස්තාපල් මරුට

637

හිමිනමක විසින් තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියා අද උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කරාපිටිය රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දෙනියාය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර, ඔහුට පල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන වයස අවුරුදු 18ක් පමණ වන හිමිනමක විසින් දෙනියාය, පල්ලේගම ගංගොඩ පාරේ පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාස⁣ය අසල දී පසුගිය 16 වැනි දින පස්වරුවේ පෞද්ගලික ආරවුලක් මත පිහියකින් පහර දී තිබිණි. මෙම පොලිස් නිලධාරියා උඩගොමඩිය, කටුවන ප්‍රදේශයේ පදිංචි විවාහක නිලධාරියෙකු වන අතර, සැකකර හිමි නමගේ වයස 20ක් පමණ වන සහෝදරියක සමඟ මෙම පොලිස් නිලධාරියා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට පොලිස් මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment