විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ කිතුණු භක්ති ගීත වැඩ සටහනදා…

50

මෙවර නත්තල් උත්සවය නිමිත්තෙන් මෙරට විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ සහභාගීත්වයෙන් කිතුණු භක්ති ගීත වැඩ සටහනක් පසුගියදා කොළඹ මෝදර අලුත් මාවතේ රජමල්වත්තේ පිහිටි ඉපැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් මෙරට පැරණිම දේවස්ථානය ලෙස සැලකෙන ශාන්ත ජෝන් දෙව් මැදුරේදී විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.

පූජ්‍ය ඇන්තනී දිනේෂ් දේවගැතිතුමා එම දරුවන් උදෙසා විශේෂ ආශිර්වාද දේව මෙහෙයක් පවත්වනු ලැබූ අතර මාකොළ රන්ගිරි හෝල්ඩින් සමාගම හා අනුබද්ධිත විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ සුභසාධනය සඳහා පිහිටුවා ඇති සිනජි ඔෆ් හාට් ඇන්ඩ් සෝල් සංවිධානය සමග මෙම දරුවන්ගේ මානසික හා සෞඛ්‍ය සංවර්ධනය සඳහා මෙරට පවත්වාගෙන යනු ලබන බොනවිස්ටා සංවර්ධන මධ්‍යස්ථානය මෙම විශේෂ නත්තල් කැරොල් ගී වැඩ සටහන සංවිධානය කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment