ඊශ්‍රායල් යුද්ධයේදී මියගිය අපේ අනුලා එරට වීරවරියක් ලෙස ගෞරවයට පාත්‍රවෙලා

99

කම්කරු ඇමැති මනුෂ නානායක්කාර

අනුලා රත්නායක මහත්මිය ඒ රටේ යුද්ධයෙන් මියගිය වීරවරියක් ලෙසයි ඔවුන් සලකන්නේ. තම රටේ වීරවරියක් ලෙස සළකා ගෞරවාචාර දක්වා මෘත දේහයක් එව්ව පළමු කාන්තාව අනුලායි. ඇයට හිමිවිය යුතු වන්දි අපි ලබාදෙනවා යැයි කම්කරු ඇමැති මනුෂ නානායක්කාර මහතා ඊයේ පැවැසීය.

අනුලා රත්නායක මහත්මියගේ දේහයට ඊයේ ගෞරව දැක්වීමෙන් පසු ඔහු මේ බව කීය.

වීසා නොමැතිව එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා දීමට එරට තානාපතිතුමා මැදිහත්වීම නම් මම අනුමත කරන්නේ නැහැ. ඒ රටේ නීති විරෝධී අන්දමින් රැඳී සිටින අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන වෙනම ක්‍රමවේදයක් තිබෙනවා. අනුලා රත්නායක මහත්මියගේ අභාවය ගැන රජයේත් ජනාධිපතිතුමාගේත් ශෝකය ප්‍රකාශ කරනවා යැයිද ඇමැතිවරයා කීය.
කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment