ලියාපදිංචිය අත්හිටුවා ඇත්තේ ලංකා ඔටෝ මොබයිල් සංගමයේ නොවේ – ලංකා ඔටෝ මොබයිල් සභාපති ධම්මික ආටිගල

130

ක්‍රීඩා ඇමැතිවරයා විසින් ලියාපදිංචිය අත්හිටුවමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ලංකා ඔටෝ මොබයිල් සංගමයට අදාළව නොවන බව එම සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතා ඊයේ නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

ක්‍රීඩා ඇමැතිවරයා විසින් අදාළ ලියාපදිංචිය අත්හිටුවීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ නැමති සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමිනි.

එම අදාළ සංගමය අත්හිටුවීමට ඇතැමුන් වැරදි ලෙස වටහා ගැනීම නිසා මෙම කරුණු පැහැදිලි කිරීම කරන බව ලංකා ඔටෝ මොබයිල් සංගමය පවසයි.

ලංකා ඔටෝ මොබයිල් සංගමය 1957 අංක 19 දරන පාර්ලිමේන්තුව මගින් සංස්ථාපිත කරන ලද ප්‍රවාහන අමාත්‍යාංශය හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව හා ඉතා සුහද සම්බන්ධීකරණයෙන් පවත්වා ගෙන යන්නක් බවද ආටිගල මහතා අවධාරණය කරයි.

මේ අතර ක්‍රීඩා ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් එම සංගමයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා තාවකාලික පියවරක් වශයෙන් මහේෂ් ගම්මන්පිල මහතාගේ සභාපතීත්වයෙන් සත් පුද්ගල කමිටුවක් පත් කර ඇත.

ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලවරණය කැඳවීම හා ඒ කටයුතු අධීක්‍ෂණයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට බලය පවරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment