ඉන්ටෙක්ස් දකුණු ආසියාවේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර රෙදිපිළි අමුද්‍රව්‍ය ප්‍රදර්ශනය මේ මස 09-11 දක්වා ශ්‍රී ලංකාවේදී

39

ඉන්ටෙක්ස් ජාත්‍යන්තර රෙදිපිළි අමුද්‍රව්‍ය ප්‍රදර්ශනය යළි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. එය 09දා සිට 11 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

වසර 2015 සිට මෙරට ව්‍යාපාරික සහයෝගිතාවට පහසුකම් සැලසීම, නවෝත්පාදන වර්ධනය කිරීම සහ වෙළෙඳ අවස්ථා ප්‍රවර්ධනය කිරීම සිදු කරන ඉන්ටෙක්ස් ශ්‍රී ලංකා මේ වසරේදී නූල්, රෙදි වර්ග, උපාංග, ඩෙනිම්, ඩයි වර්ග සහ වෙනත් අමුද්‍රව්‍ය සහ මෝස්තර සැලසුම් වැනි බොහෝ දෑ ඇතුළත්ව සමස්ත රෙදිපිළි ක්‍රියාදාමය පුරා විහිදුණු ප්‍රදර්ශන පෙළක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒකාබද්ධ ඇඟලුම් සංසදය නැවත වරක් ඉන්ටෙක්ස් සමග අත්වැල් බැඳ ගැනීම ගැන ආඩම්බරයට පත් වනවා. මේ ප්‍රදර්ශනය පැවැත්වීමට හැකිවීම ගැන සතුටට පත්වෙනවා. කොවිඩ් වසංගතයෙන් පසු ඉන්ටෙක්ස් නිවැරදි අවස්ථාවක මේ ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සිය සම්පූර්ණ ධාරිතාව තුළින් විස්මයජනක ලෙස යළි ප්‍රකෘතිමත් වී තිබෙනවා. ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ (න්‍්ත්‍) මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment