ෆේස්බුක් සමාගමේ ව්‍යාපාර නාමය ‘මෙටා’ ලෙස වෙනස් වෙයි

230

ෆේස්බුක් සමාගම සිය ව්‍යාපාරයේ නාමය ඉකුත් 28දා සිට ‘‘මෙටා’’ යනුවෙන් වෙනස් කර තිබේ. සමාජ මාධ්‍ය ජාලා සංකල්පයෙන් ඔබ්බට යමින් යථාර්ථවාදයට ආසන්න වීම වැනි අංශ දක්වා සිය කටයුතු ව්‍යාප්ත කිරීම සිය ව්‍යාපාර නාමය වෙනස් කිරීමේ අරමුණ බව ෆේස්බුක් සමාගම විසින් නිවේදනය කර තිබේ.

ෆේස්බුක් සමාගමේ නාමය වෙනස් වුවද එයට අයත් ‘‘ෆේස්බුක්’’ ‘‘ඉන්ස්ටග‍්‍රෑම්’’ හා ‘‘වට්ස්ඇප්’’ යන සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වලට මෙම වෙනස බලනොපාන බව සමාගම පවසයි. ෆේස්බුක් සමාගම විසින් සිය නාමය වෙනස් කිරීමට පෙළඹුණේ එහි සේවය කළ නිලධාරීන් විසින් පිටතට කාන්දු කරන ලද ලිපිගොනු හරහා එම සමාගම පිළිබඳව ඍණාත්මක කථාන්තර ප‍්‍රචාරය කිරීමෙන් අනතුරුවය. සිය ව්‍යාපාර නාමය වෙනස් කිරීම පිළිබඳව ෆේස්බුක් සමාගමේ සභාපති මාක් සකර්බර්ග් පවසා ඇත්තේ තමා ‘‘මෙටාවර්ස්’’ යනුවෙන් යථාර්ථයට ආසන්න පරිසරයක් තුළ ජනතාවට විනෝදජනක ක‍්‍රීඩාවල ‘‘රැකියාවේ හා සන්නිවේදන කටයුතුවල නිරත විය හැකි’’ අන්තර්ජාල ලෝකයක් ගොඩනැ`ගීමට සැළසුම් කර ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment