ශ්‍රී ලංකා අයර්ලන්ත පළමු ටෙස් තරගයේ දී ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

524


ශ්‍රී ලංකාව සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.තරගයේ තෙවැනි දිනය වූ අද අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 143ක් ලබා ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 06කදී ලකුණු 591ක් ලබා අත්හිටවූ ඉනිමට වඩා ලකුණු 448ක් පසුපසින් යළි දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට අයර්ලන්ත කණ්ඩායම පිටියට පිවිසියේය.එහිදී සිය දෙවැනි ඉනිම ද ලකුණු 168කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.රමේෂ් මෙන්ඩිස් 76/4ක් සහ ප්‍රභාත් ජයසූරිය 56/3ක් ලෙස කඩුලු ලබා ගත්හ.හැරී ටෙක්ටර් 42යි.

advertistmentadvertistment
advertistmentadvertistment