සැප්තැම්බර් 17 ප‍්‍රහාරයේ මහ මොළකරුට නඩු පැවරුවේ අවුරුදු 20 කට පසුවයි… මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

196

සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේ මහ මොළකරු වූ ෂෙක් මොහොමඞ්ට විරුද්ධව ඇමෙරිකාව නඩු පැවරුවේ අවුරුදු විස්සකට පස්සේ බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කියයි. වීරසේකර මහතා මේ කරුණු ප‍්‍රකාශ කළේ මාළඹේ නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

කාදිනල්තුමා වරින් වර එතුමාගේ අදහස් ප‍්‍රකාශ කරනවා. ඒක අපිට පිළිගන්න පුළුවන් මොකද උන්වහන්සේ රටේ කතෝලික ජනතාව නියෝජනය කරන නිසා. අපි දන්නවා 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප‍්‍රහාර එල්ල කළ මහ මොළකරු ෂෙක් මොහොමඞ්ට විරුද්ධව නඩු පැවරුවේ අවුරුදු විස්සකට පසුව. ඒ වගේම 2015දී ප‍්‍රංශයේ ප‍්‍රහාරයක් එල්ල වුණා. ඒ ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව නඩු දැම්මේ අවුරුදු හතකට පස්සේ. පොලිසිය පැත්තෙන් අපි ගත්තොත් පොලිසිය මගින් කරන්න තියෙන රාජකාරි සියල්ලක්ම බොහෝ දුරට කර අවසන්. නමුත් පාස්තු ප‍්‍රහාරය සම්බන්ධව තවමත් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතිනවා. අද වෙනකොට තිස්දෙදෙනෙක්ට මහාධිකරණ පහක නඩු විභාග වෙනවා. ඒ වගෙම තමයි ප‍්‍රධාන අය නවුෆර් මවුලවි, ජෆූර් මාමා යන ප‍්‍රධාන විසිහතර දෙනකුට අධිචෝදනා ගොනුකර තියෙනවා. නීතිපතිතුමා ඉක්මනින් ඒ නඩු විභාග කළයුතු නිසා ඒ සඳහා මහාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු ම`ඩුල්ලක් පත්කර අදාළ කටයුතූ කරගෙන යනවා. මේ මස සිට නොකඩවා එම නඩු විභාග සිදු කෙරෙනවා.

ඒ වගෙම තමයි අපි ඇත්ත වශයෙන් ම සන්තෝස වෙන්න ඕනේ මේ අවුරුදු දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ මේ වගේ විශාල කාර්ය භාරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර නීතිපතිට නඩු පැවරීම සඳහා උද්ධෘත ගොනු ඉදිරිපත් කිරීම ගැන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුරකථන ඇමතුම් 112,000 පමණ විශ්ලේෂණය කළා. චෝදනා 23700 ක් අද ගොනුකරලා තියෙනවා. ඒ වගේම තමයි මේ පිළිබඳව වාර්තා හතරක් තියෙනවා. එකක් තමයි පාර්ලිමේන්තු කාරක සභාව, පාර්ලිමේන්තු ආංශික කාරක සභාව, ජනාධිපති කොමිසම සහ අපරාධ විමර්ශනය. මේ සියලූ දේවල් නීතිපතිතුමා විශ්ලේෂණය කරන්න ඕනේ. මොකද සාක්ෂිවල පරස්පරයක් තිබ්බොත් එය සැකකරුවන්ට නිදහස් වෙලා යන්න අවස්ථාවක් වෙන නිසා තමයි කල් ගන්නේ. කොච්චර කල්ගත්තත් අපේ මේ රජය තියෙන තාක් කල් අපි මේ අපරාධකරුවන්ට නිදැල්ලේ හැසිරෙන්න ඉඩ දෙන්නේ නැහැ.

මෙම අවස්ථාව සඳහා හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න ඇතුළු පිරිසත් හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද සහභාගි විය.

බත්තරමුල්ල – ඇන්ටන් ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment